"මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්‍ය්‍ය වඩමින්, නිවන් මඟ පුරන, ‘දක්ෂ’, ගිහි පැවිදි උතුමන්ට පමණක් මේ අහිංසක ව්‍යායාමය උපකාරයක්ම වේවා! ශක්තියක්ම වේවා! මාර්ගයක්ම වේවා! තම තමන්ට වැටහෙන ප්‍රමාණයට, තම තමන්ගේ ජීවිත වලට ගලපාගනිත්වා! අර්ථ හෝ ව්‍යාකරණ වැරදි ඇතොත් ඔබ නොකළ වරදකට නොගැටේවා! අනුනටද අනුකම්පා කෙරේවා! වැරදි නැතොත් නිවැරදි දෙය නිවැරදි ලෙස දකීවා! මෙහි සටහන් හැම අර්ථයක් තුළින්ම ඔබ සැමට යහපතක් වේවා! තමා තමාටම පිහිටකොට ගනිත්වා..." යැයි උන්වහන්සේ ඒ පොත් පෙළ ඇරඹුමේ ලියා ඇත්තාහ…. ____________________________________________________ ‘අනමතග්ගෝ භික්ඛවේ සංසාරෝ පුබ්බකොට න පඤ්ඤෝයති අවිජ්ජා නනීවරනානං තන්හා සංයෝජනං සන්දාවතං සංසරතං මමඤ්චෙව තුම්හාකඤ්ච’ ‘අවිද්‍යා නීවරණයෙන් වැහිලා තණ්හා සංයෝජනයෙන් බැඳිලා පින්වත් මහණෙනි, නුඹලාත් මමත් බොහෝ කාලයක් මේ අති දීර්ඝ සංසාරයේ සැරිසැරුවා. මේ සංසාරය අති දීර්ඝයි. මෙහි ඉමක් කොනක් පණවන්න බැහැ’ සියල්ලෝ සංසාර බිය දකිත්වා! අප්රමාදී වෙත්වා!!!!
891 views
319 views
78 views
42 views
470 views
41 views
60 views
74 views